වික්ටෝරියාවේ ලක්ෂ 20 ක් තවමත් බූස්ටර් ගෙන නෑ

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 18 ට වැඩි ජනගහණයෙන් බූස්ටර් මාත්‍රාව ගත් ප්‍රතිශතය සියයට 33 එනම් 1/3 ඉක්මවා ගොස් තිබෙනවා.

කෙසේවෙතත් තවත් මිලියන 02 කට වැඩි පිරිසක් 03 වන මාත්‍රාව ලබාගත යුතුව ඇති බවයි ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

මේ අතර මෙම සති අන්තයේදී පාසල් 15 ක එන්නත්කරණ මධ්‍යස්ථානද විවෘත කිරීමට නියමිත බව වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

ප්‍රාන්තයේ වයස අවුරුදු 05 ත් 11 ත් අතර ළමුන් අතුරින් 212,000 කට වැඩි පිරිසක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ගෙන ඇති බව සඳහන්.

තවත් 82,000 ක් පමණ ඉදිරි දින 30 සඳහා වේලාවන් වෙන් කරවාගෙන ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කලා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »