අධ්‍යාපනය නගා සිටුවීමට ඇල්බනීස්ගෙන් ඩොලර් මිලියන 440 ක්

ඉදිරි ෆෙඩරල් මැතිවරණයේදී තමා බලයට පත්වුවහොත් පාසල් පද්ධතිය නගා සිටුවීමට ඩොලර් මිලියන 440 ක මුදලක් වෙන් කරන බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

මෙය මැතිවරණය ඉලක්ක කර ඔහු මෙම වසරේදී ලබාදුන් පළමු මැතිවරණ පොරොන්දුවයි.

කම්කරු පක්ෂ රජයක් යටතේ අධ්‍යාපනය නගා සිටුවීමට වැඩි අවධානයක් යොමු කරන බවත් පාසල් ගොඩනැගිලි ඉදි කිරීම පමණක් නොව සිසුන්ගේ මානසික සෞඛ්‍ය නගාසිටුවීම වැනි කරුණු කෙරෙහිද එහිදී අවධානය යොමු කරන බවත් ඇන්තනී ඇල්බනීස් කියාසිටියා.

TAFE අධ්‍යාපන ආයතන නගාසිටුවීම ද සිය ප්‍රමුඛ ඉලක්කයක් බවයි විපක්ෂ නායක ඇල්බනීස් අවධාරණය කර සිටියේ.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ද මේ සඳහා වැඩි ඉඩක් වෙන් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කලා.

https://www.abc.net.au/news/2022-01-24/labor-albanese-election-promise-440-million-for-schools/100778200

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »