වික්ටෝරියා hospitality සේවකයන්ටත් බූස්ටර් අනිවාර්ය වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා බූස්ටර් එන්නත අනිවාර්ය කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ප්‍රාන්ත කොවිඩ් අණ දෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ hospitality සහ retail ක්ෂේත්‍ර සඳහා ද එය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් මෙතෙක් එවැනි අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ  aged care – සෞඛ්‍ය සහ ආහාර බෙදා හැරිම් ක්ෂේත්‍ර සඳහා දැනටමත් බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කර තිබෙනවා.

ප්‍රාන්තයේ සියයට 30 ක් පමණ දැනටමත් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා.

https://www.9news.com.au/national/coronavirus-victoria-update-booster-mandate-looms-for-victorians-to-be-considers-triple-vaccinated-when-entering-cafes-and-restaurants/d73a9c77-b3c1-4f24-a976-fc50e561d8a3

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »