පෙබරවාරි 05 ට යෙදී තිබූ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීම කල් යයි

ලබන පෙබරවාරි 05 වනදාට යෙදී තිබූ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා විවෘත කිරීම කල් දමා තිබෙනවා.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් කියාසිටියේ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ බලපෑම ඊට හේතුව බවයි.

මෙම තීරණය හමුවේ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවාසීන් ඇතුලු ඔස්ටේ්‍රලියානුවන් ගණනාවකගේ සැලසුම් අවලංගු කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින බවද ඊයේ රාත්‍රියේ පැවති හදිසි මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියා.

කිසිදු නිරෝධායනයකින් තොරව පුද්ගලයන්ට පැමිණීමට අවසරදීමත් සමග උද්ගතවිය හැකි තත්වය සළකා බලා මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

කෙසේවෙතත් බටහිර ඔස්ටේ්‍රලියා අගමැතිවරයාගේ මෙම තීරණයට බහුතර පිරිසක් විරෝධය පළ කර ඇති ආකාරයකුයි සමාජ මාධ්‍ය වාර්තා අනුව පෙනීයන්නේ.

https://www.9news.com.au/national/mark-mcgowan-media-conference-livestream-here-western-australia-premier-coronavirus-update/047648fe-9687-4799-8ef2-6f325604d9b5

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »