Day: January 21, 2022

FIRE

දකුණු ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි පාලනයට ගිය ගිනි නිවීම් භටයෙකු මරුට

දකුණු ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි පාලනයට ගිය ගිනි නිවීම් භටයෙකු මියගොස් තිබෙනවා. Lucindale ආසන්නයේ ගිනි නිවීම් භටයන් 150 කට ආසන්න පිරිසක් දරුණූ ලැව්ගින්නක් පාලනය කිරිමෙහි නිරතවී සිටින බව සඳහන්. මේ සම්බන්ධයෙන් දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් ද කණගාටුව පළකර තිබේ. පසුගිය පැය 48 තුළදී කලාපයේ ලැව් ගිනි පැතිරයාම වේගවත් වී ඇත. පවතින දැඩි උණුසුම් කාළගුණ ඊට හේතුවයි. https://www.9news.com.au/national/sa-bushfires-one-firefighter-dead-another-injured-in-south-australia-bushfires/8eec8e8f-566f-4bfa-9cd2-8ab8aa9f843a

Read More »

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා නීති තවත් ලිහිල් කරයි

ඔස්ටේ්‍රලියාවට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා පණවා ඇති නීති තවත් ලිහිල් කර තිබෙනවා. ඒ අනුව රටට පැමිණිමට පෙර දැනට බලාත්මක පී සී ආර් පරීක්ෂණය වෙනුවට ගුවන් ගමනට පැය 24 කට පෙර සිදුකරන රැපිඩ් පරීක්ෂණයක් වුවද ප්‍රමාණවත් බවයි ෆෙඩරල් රජය දන්වා සිටින්නේ. විදේශයකදී කොවිඩ් ආසාධිත පුද්ගලයෙකුට රටට පැමිණීමට සිටිය යුතු අවම දින ගණනද 07 ක් දක්වා අඩු කර තිබෙනවා. මෙතෙක් එය පැවතියේ දින 14 ක් ලෙසයි. ලබන ඉරිදා අලුයම 01 සිට මෙම නව නීති බලාත්මක වනවා. https://www.abc.net.au/news/2022-01-21/covid-live-blog-isolation-vaccination-case-numbers/100771122?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web#live-blog-post-1207831517

Read More »

Flinders Street දුම්රිය ස්ථානයේදී සිවිල් වැසියෙකුට පහරදුන් පොලිස් නිළධාරියෙකුට චෝදනා

මෙල්බන් Flinders Street දුම්රිය ස්ථානයේදී ප්‍රසිද්ධියේ සිවිල් වැසියෙකුට පහරදුන් පොලිස් නිළධාරියෙකුට එරෙහිව චෝදනා ගොණු කර තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් 22 වනදායි මෙම පහරදීම සිදුවී තිබුණේ. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේච්චන එල්ල වී තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සහ දූෂණ මර්දන කොමිම විසින් සිදුකල ඒකාබද්ධ පරීක්ෂණයකට අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ. චෝදනා 03 ක යටතේ අදාළ පොලිස් නිළධාරියාට එරෙහිව නඩු පවරන බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසනවා. https://www.9news.com.au/national/victoria-police-officer-charged-over-alleged-assault-on-member-of-the-public-at-flinders-station-last-year/9da6c9f1-2f17-4489-9bbd-010e59219c43

Read More »

වික්ටෝරියා පාසල් විවෘතකරන සැළසුම එළිදකී – සිසුන්ට සතියට දෙවරක් Rapid Tests

වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු පාසල් වාරය ආරම්භ කිරීමේ සැළසුම එළිදක්වා තිබෙනවා. සතියකට දෙවරක් සිසුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම එහි ප්‍රධාන කරුණක්. කෙසේවෙතත් කුමන ශ්‍රේණිවල සිටින සිසුන්ට එම පරීක්ෂණ අනිවාර්ය කරන්නේදැයි මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ. ඊට වැයවන මුදල ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජය අතර බෙදී යනු ඇති. ලබන 31 වනදා සිට පාසල් වාරය ආරම්භ වන අතර ඊට පෙර එක් වරක් රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සිසුන්ට දන්වා සිටින්නේ. කිසියම් අයුරකින්

Read More »