වික්ටෝරියා පාසල් විවෘතකරන සැළසුම එළිදකී – සිසුන්ට සතියට දෙවරක් Rapid Tests – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා පාසල් විවෘතකරන සැළසුම එළිදකී – සිසුන්ට සතියට දෙවරක් Rapid Tests

වික්ටෝරියා පාසල් විවෘතකරන සැළසුම එළිදකී – සිසුන්ට සතියට දෙවරක් Rapid Tests

වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු පාසල් වාරය ආරම්භ කිරීමේ සැළසුම එළිදක්වා තිබෙනවා.

සතියකට දෙවරක් සිසුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීම එහි ප්‍රධාන කරුණක්.

කෙසේවෙතත් කුමන ශ්‍රේණිවල සිටින සිසුන්ට එම පරීක්ෂණ අනිවාර්ය කරන්නේදැයි මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

ඊට වැයවන මුදල ෆෙඩරල් රජය සහ ප්‍රාන්ත රජය අතර බෙදී යනු ඇති.

ලබන 31 වනදා සිට පාසල් වාරය ආරම්භ වන අතර ඊට පෙර එක් වරක් රැපිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සිසුන්ට දන්වා සිටින්නේ.

කිසියම් අයුරකින් සිය පන්ති මිතුරා කොවිඩ් ආසාධිත බව හෙළිවුවහොත් සෘණාත්මක ප්‍රථිඵලයක් ලැබීමෙන් පසු හුදකලා කාලයකින් තොරව යළිත් පාසලට පැමිණිමටද සිසුන්ට අවසර හිමිවනවා.

https://www.9news.com.au/national/coronavirus-victoria-updates-back-to-school-plan-set-for-release-melbourne-grand-prix-vaccinations/1d14b465-0b8d-4aae-a6fd-4e310bbcfd6d

COMMENTS