සයිබර් අපරාධ – මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ අයට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම තහනම්

සයිබර් අපරාධකරුවන්ට – මානව හිමිකම් කඩ කරන්නන්ට සහ විවිධ දූෂිත පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම තහනම් කෙරෙන නව නීතියක් ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේදී අද විවාදයට ගැනෙනවා.

ඊට සෙනෙට් සභාවේදී ඊයේ පස්වරුවේ අනුමැතිය හිමිවුණා.

මේ අනුව ජාත්‍යන්තර සාමයට තර්ජනයක් වන මෙන්ම බරපතල මානව හිමිකම් කඩකිරීම්වලට සම්බන්ධ පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීම වළක්වාලමින් සම්බාධක පැණවීමට ෆෙඩරල් රජයට බලතල හිමිවනු ඇති.

අමෙරිකාව ඇතුලු රටවල් 33 කද මේ හා සමාන නීති ක්‍රියාත්මක වනවා.

මානව හිමිකම් කඩ කිරීම් සහ සයිබර් අපරාධවලට සම්බන්ධ රුසියානු සහ චීන පුරවැසියන් ඉලක්ක කර ඔස්ටේ්‍රලියාව විසින් මෙම නව රෙගුලාසි හඳුන්වාදී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

https://www.abc.net.au/news/2021-12-02/magnitsky-laws-sanction-hackers-rights-abusers-parliament/100667898

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »