ඔමික්‍රොන් හමුවේ මෙල්බන් හිදී පැවැත්වීමට නියමිත ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය වැට උඩ

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වීමද අවිනිශ්චිත තත්වයකට පත්වී තිබෙනවා.

එය ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 17 වනදායි.

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවීමට නියමිත බැවින් තරගාවලිය නිසි පරිදි පවත්වන්නේද කල් දමන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ප්‍රධානී සඳහන් කලේ.

මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳ අවසන් තීන්දුවක් ඉදිරි සති 02 තුළදී ගැනීමටයි නියමිතව ඇත්තේ.

දරුණු නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඔවුන් දෙදෙනාම ඊයේ දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි දක්වා පැමිණ තිබුණා.

මෙම ආසාධිතයන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකාවේ සිට කටාර් හරහා සිඩ්නි පැමිණි මගීන් 14 දෙනෙකු අතුරින් සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී මෙම ආසාධිතයන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා.

https://wwos.nine.com.au/tennis/australian-open-craig-tiley-responds-to-covid19-variant-omicron/13b85b61-0d1d-45ed-9ea0-f25c4d4e218d

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »