රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කරගන්න අයවැයෙන් යෝජනා

වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ශ්‍රී ලංකාවේ මෙවර අයවැයෙන් යෝජනා වී තිබේ.

මීට අමතරව සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ මෝටර් සයිකල් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද අයවැයෙන් යෝජනා වී ඇත.

නිදහස් කර නොගත් ශ්‍රී ලංකා රේගුවේ තිබෙන සියලූ වාහන නිදහස් කිරීමට යෝජනා වී තිබේ.

මෙලෙස නිදහස් කරන්නේ අදාළ බදු සහ දඩ ගැනීමෙන් අනතුරුවයි.

“බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අයකරන බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මෙම බද්ද 2022 ජනවාරි පළමු වන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා සෑම මසකම ගෙවිය යුතුයි. එමෙන්ම, මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි. මේ මඟින් රුපියල් බිලියන 18 ක් පමණ උපයා ගැනීමට බලාපොරොත්තු වනවා“, යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2,000 ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන සියයට 25 ක අධිභාරය (Tax surcharge) බද්දක් අය කිරීමට යෝජනා කරනු ලබන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය අයවැය කතාවේ දී ප්‍රකාශ කළේය.

එසේම මෙම බද්ද මඟින් රුපියල් බිලියන 100 ක් පමණ උපයා ගැනීමට අපේක්ෂා කරනු ලබන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »