සිංගප්පූරු ජාතිකයන්ට ලබන 21 දා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිංගප්පූරු ජාතිකයන්ට ලබන 21 වනදා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර දී තිබේ.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔස්ටේ්‍රලියා දේශ සීමා වසා දැමීමෙන් පසු රටට පැමිණීමට අවසර හිමිවන දෙවන රට වන්නේ සිංගප්පූරුවයි.

මෙතෙක් එම අවසරය පැවතුණේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ නවසීලන්ත ජාතිකයන් පමණි.

කෙසේවෙතත් සිඩ්නි හෝ මෙල්බර්න් නගර වෙත පමණක් සිංගප්පූරු ජාතිකයන්ට ඇතුලුවීමට අවසර හිමිවනු ඇති.

අගමැති ස්කොට් මොරිසන් සහ සිංගප්පූරු අගමැති ලී සියෑන් ලුං අතර රෝමයේ පැවති හමුවකින් අනතුරුවයි මෙම නිවේදනය නිකුත් කෙරුණේ.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »