G20 සමුලුවට අගමැති මොරිසන් ඉතාලියට

ඉතාලියේ රෝම නුවර පැවැත්වෙන G20 සමුලුවට සහභාගීවීම සඳහා අගමැති ස්කොට් මොරිසන් ඉතාලියට පැමිණ තිබේ.

මෙම සමුලුවට ඔස්ටේ්‍රලියා අගමැතිවරයාගේ සහභාගීත්වය තීරණාත්මක වූයේ ඔහු සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවැත්වෙන නිල හමුව හේතුවෙනි.

ඒ මහා බි්‍රතාන්‍යය සහ අමෙරිකාව සමග ඇතිකරගත් නව ආරක්ෂක ගිවිසුම හමුවේ ප්‍රංශයෙන් ඩොලර් බිලියන 90 ක් වටිනා සබ්මැරීන මිළදී නොගැනීමට ඔස්ටේ්‍රලියාව තීරණය කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් නිර්මාණයවීම හේතුවෙනි.

ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව යෑමට පෙර ද අගමැති මොරිසන් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබිණ.

අදාළ ගිවිසුම අවලංගු කිරීමට බලපෑ හේතු ඔහු එහිදී දීර්ඝව පැහැදිලි කර ඇතැයි වාර්තා වේ.

කොවිඩ් 19 ආර්ථීක සැළසුම් සහ දේශගුණ විපර්යාස මෙවර G20 රාජ්‍ය නායක සමුලුවේ වැඩිම අවධානය යොමුවන මාතෘකා බවට අනාවැකි පළවේ.

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »