වසංගතවලදී බලපැවැත්වෙන නව නීති මාලාවක් වික්ටෝරියා පාර්ලිමේන්තුවට

වසංගත තත්වයන්වලදී බලපැවැත්වෙන නව නීති මාලාවක් හඳුන්වාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිඛේ.

හදිසි නීති රෙගුලාසිවලට වඩා වැඩි බලතල සහිතව මෙම නව නීති ක්‍රියාත්මක වනු ඇති.

කොවිඩ් පමණක් නොව ඔ්නෑම වසංගත තත්වයකදී භාවිත කල හැකි අයුරින් නව නීති හඳුන්වා දෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් නිවේදනය කලේ.

මෙම නීති වික්ටෝරියා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීම සඳහා ඉදිරිපත් කෙරෙනු ඇති.

ඒවා සම්මත වුවහොත් වසංගත තත්වය සම්බන්ධයෙන් අවසාන තීන්දු ගැනීමට දැනට ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීට හිමි බලතල අහිමිවී යනවා.

සෞඛ්‍ය ඇමති හා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීගේ අනුමැතිය මත එම බලය පැවරෙන්නේ වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිටයි.

 

source : https://www.9news.com.au/national/coronavirus-update-victoria-chief-health-officer-to-no-longer-have-final-say-on-handling-of-pandemic/e4f971a5-c4c9-4183-85e0-78b2225a9ba8

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »