ශ්‍රී ලංකාවේ රාත්‍රී සංචරණ සීමා ඉවතට – විවාහ සඳහා තවත් ලිහිල් කිරීම්

කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා තිබු සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විවාහ මංගල උත්සව ශාලා තුල අමුත්තන් 100 දෙනෙකුට ද එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් අනුමැතිය ලබාදී ඇත.

කෙසේ වුවත් විවාහ මංගල උත්සව වලදී මත්පැන් භාවිතා කිරිමට අවසර හිමි නොවේ.

මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිමව පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර ඇත.

එමෙන්ම කාර්යාල රැස්වීම සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කොට ඇත.

මේ අතර රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු සංචරණ සීමාවන් ඉවත් කෙරේ.

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »