ලබන 08 දා සිට ඔස්ටේ්‍රලියානුවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදෙන ළකුණු

නිසි අවසරය ලැඛෙන්නේ නම් ලබන මස 08 වනදා සිට ඔස්ටේ්‍රලියානුවන්ට කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේවෙතත් ඒ සඳහා Therapeutic Goods Administration (TGA) & Australian Technical Advisory Group on Immunisation (ATAGI) වෙතින් අනුමැතිය ලැබිය යුතුය.

කිසියම් අයුරකින් අනුමැතිය ලදහොත් ප්‍රතිශක්තීකරණය පිළිබඳ ගැටලු සහිත සහ healthcare / aged-care නිවාසවල සිටින අයට පළමුවෙන් එන්නත ලබාදෙන බවයි නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිළධාරී Michael Kidd කියාසිටියේ.

දෙවන මාත්‍රාව ලබාදී මාස 06 ක් ගතවීමෙන් පසු 03 වන මාත්‍රාව ලබාදීමට නියමිතයි.

ඊයේ දිනය වනවිට ඔස්ටේ්‍රලියාවේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 72.5 ක් පූර්ණ එන්නත්කරණයට ලක්වී අවසන්.

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »