අතුරුදන්වූ Cleo Smith දැරිය සම්බන්ධ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක්

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කඳවුරු භූමියකදී අතුරුදන්වූ 04 හැවිරිදි Cleo Smith දැරිය සම්බන්ධ නිවැරදි තොරතුරකට ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ප්‍රාන්ත අගමැති Mark McGowan පර්ත් නුවරදී අද දහවල් මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කලේය.

දැරිය අතුරුදන්ව අදට දන 06 ක් ගතවී ඇති අතර ඊයේ දිනයේදී ප්‍රාන්ත පොලිසිය නිවේදනය කලේ මෙය අනිවාර්ය පැහැර ගැනීමක් බවට සනාථ කල හැකි බවයි.

Cleo Smith සහ පවුලේ සාමාජිකයන් සිටි කූඩාරමේ Zipper එක ඇරගැනීමට තරම් උසකින් දැරිය නොසිටීම ඊට හේතුව බවටයි බටහිර ඔස්ටේ්‍රලියා පොලිසිය නිවේදනය කලේ.

ඒ අනුව Cleo Smith දැරිය පැහැරගත් තැනැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වන නිවැරදි තොරතුරකට මෙලෙස ඩොලර් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් පිරි නැමීමටයි ප්‍රාන්ත රජය තීරණය කර ඇත්තේ.

සොයා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම මෙහෙයුම් ආරම්භ කර තිබේ.

SOURCE : https://7news.com.au/news/wa/cleo-smith-search-wa-government-offers-1-million-reward-to-help-find-missing-girl-c-4297112

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »