ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ පහළයාමට 2023 පමණ වනු ඇතැයි අනාවැකියක්

දැනට සීඝ්‍රයෙන් ඉහළ යන ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් 2023 වසර වනවිට නැවතත් පහළයාමක් සිදුවනු ඇති බවට පුරෝකථනයක් සිදුකර තිබේ.

Westpac හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bill Evans ට අනුව දැනට පවතින ආර්ථික තත්වය ඒ වනවිට යහපත් මට්ටමකට පත්වනු ඇතැයි අපේක්ෂිතයි.

ලබන වසර අගභාගය වනවිට නිවාස වෙළඳපොල ක්‍රමයෙන් සුභවාදී මට්ටමකට පත්වීම ආරම්භවී 2023 වසර වනවිට මුලුමනින්ම යථා තත්වයට පත්වනු ඇති බවයි ඔහුගේ ස්ථාවරය වන්නේ.

ඒ අනුව දැනට පවතින නිවාස මිළ ගණන් 2022 වසරේදී සියයට 08 කින් පමණ අඩුවනු ඇති බව සඳහන්.

එය දැනට තක්සේරු කර ඇති ප්‍රතිශතය වන සියයට 05 ට වඩා ඉහළ අගයක් ගැනීම විශේෂත්වයක්.

1989 වසරේ ජූනි මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාවේ නිවාස මිළ ගණන් ඉහළම අගය සටහන් කර ඇත්තේ වර්තමානයේදීයි.

මෙම වසරේ මුල් මාස 09 තුළදී නිවාස මිළ ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 17.6 ක්.

source : https://www.9news.com.au/national/australia-property-prices-forecast-to-dip-5-per-cent-in-2023-after-rate-rise/d7552708-085c-41e4-9566-dcd8dd598847

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »

ඔලිව් තෙල් හැන්දකින් පාලනය කර ගත හැකි රෝග මෙන්න

හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.

Read More »

ලොව දිගම Baguette එක ප්‍රංශ බේකරි කණ්ඩායමක් නිපදවයි

ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.

Read More »