වික්ටෝරියා කොවිඩ් ආශ්‍රිතයන්ගේ හුදකලා කාලසීමාව දින 07 කට අඩු කෙරේ

කොවිඩ් ආසාධිතයන්ගේ මූලික ආශ්‍රිතයන් බවට පත්වන පුද්ගලයන් සඳහා පැවති හුදකලා කාල සීමාව ලබන සිකුරාදා සිට අඩු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ඒ අනුව කිසියම් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටින එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති එම නිවසේම වාසය නොකරන අයෙකු වෙතොත් ඔවුන්ට හුදකලාව සිටීමට සිදුවන්නේ දින 07 ක් පමණි.

දැනට ප්‍රාන්තය පුරා හුදකලා කර සිටින පුද්ගලයන් ගණන 60,000 ක් වන අතර ඉන් බහුතරයක් මාත්‍රා 02 ම ගත් අය වෙති.

ඔවුන්ගෙන් විශාල පිරිසකට ලබන සිකුරාදා සිට මෙම සහනය අත්වෙයි.

එමෙන්ම ආශ්‍රිතයන් බවට පත්වන සේවකයන් සිටින ව්‍යාපාර ස්ථාන කඩිනමින් ආරම්භ කිරීමටද මෙම නව නියමය ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ආසාධිතයෙකු සිටින නිවසේම සිටින හෝ පූර්ණ එන්නත්කරණයට ලක්ව නොමැති ආශ්‍රිතයෙකු වෙතොත් දින 14 ක් හුදකලාව සිටිය යුතු වනවා.

 

source : https://www.abc.net.au/news/2021-10-18/victoria-records-new-covid-cases/100546704

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »