එන්නත නොගතහොත් රැකියාව අහිමි වේද ? Current Affairs සම්පූර්ණ වැඩසටහන

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය රැකියා ගණනාවක සේවකයන්ට සේවා ස්ථානයට පැමිණීමට නම් පළමු සහ 02 වන එන්නත ගත යුතු දින මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 22 වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 දා වනවිට දෙවන එන්නතත් ගත යුතු වනවා.

කිසියම් අයෙකු එන්නත නොගත හොත් ඔහුට හෝ ඇයට රැකියාවට යා නොහැකිද ? රැකියාව අහිම් වේද ?

මේ සම්බන්ධයෙන් ඊයේ Ausලංකා TV Current Affairs හරහා සාකච්ඡාවට ලක් කෙරිණ.

MJ Legal Principal Solicitor ජයන්ත විජේතිලක එහිදී කියාසිටියේ කර්මාන්ත 70 කට අධික සංඛ්‍යාවකට මෙම නිර්දේශය බලාත්මක වන බවයි.

ජනතාව වැඩි වශයෙන් සම්බන්ධ වන ක්ෂේත්‍ර මීට අයත් බවද ඔහු පැවසීය.

මෙය නිර්දේශයක් පමණක් බවද ඔස්ටේ්‍රලියාව එන්නත අනිවාර්ය කර නොමැති බැවින් බොහෝවිට සාධාරණ හේතුවක් නොමැතිව එන්නත ලබාගෙන නොමැති නම් කිසියම් අයුරකින් දඩයකට ලක්වීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කලේය.

MJ Legal Solicitor කීත් ජේම්ස් පවසා සිටියේ සාධාරණ හේතු ඇත්නම් දින ප්‍රමාද කරගන්න හැකි බවයි.

සේවායෝජකයන් පළමුවෙන් සේවකයන්ට මෙම දින පිළිබඳ දැනුම්දිය යුතු බවද ඔහු සඳහන් කලේය.

කිසියම් අයුරකින් එන්නත ගෙන නැතැයි පවසමින් රැකියාවෙන් නෙරපා හැරීම අවධානම් සහගත බවද නීතිමය පියවර ගැනීමට සේවකයාට හැකියාව පවතින බවද කීත් ජේම්ස් ප්‍රකාශ කලේය.

Ausලංකා TV Current Affairs සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »