2021 LPL තරග කාලසටහන ප්‍රකාශයට

ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දෙසැම්බර් 05 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි පළමු තරගය පැවැත්වෙන්නේ ගාල්ල සහ යාපනය කණ්ඩායම් අතරයි.

රාත්‍රී 07 යි 30 ට එය ආරම්භ වනවා.

පළමු වටයට තරග 20 ක් ඇතුළත් වන අතර ඒවා සියල්ල කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි පැවැත්වෙන්නේ.

අවසාන මහා තරගය මෙන්ම අවසන් පූර්ව වටයේ තරග සියල්ල පැවැත්වෙන්නේ සූරියවැව ක්‍රීඩාංගණයේදීයි.

අවසාන මහා තරගය පැවැත්වෙන දිනය ලෙස දෙසැම්බර් 23 වනදා නම් කර ඇති අතර අතිරේක දිනය ලෙස දෙසැම්බර් 24 වනදා වෙන් කර තිබෙනවා.

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »