දේශ සීමා නැවත විවෘත කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවකට NSW අගමැති සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා නැවත විවෘත කිරීමේ දිනය ඉදිරියට ගෙන ඒම සඳහා මධ්‍යම රජය සමඟ සාකච්ඡා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.

Lockdown නීති හේතුවෙන් NSW ප්‍රාන්ත ආර්ථිකයට සතියකට ඩොලර් බිලියනයක් පමණ අලාභ වී ඇති බවයි ඔහු කියාසිටියේ.

දින 100 කට අධික කාලයක් පැවති නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත Lockdown සීමා අද සිට ලිහිල් කෙරිණ.

ඒ අනුව කායවර්ධන මධ්‍යස්ථාන, අවන්හල්, ආපන ශාලා, කඩ සාප්පු සහ කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලැබේ.

මේ අනුව අද සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට අමුත්තන් උපරිම 10 දෙනෙකු නිවසට ගෙන්වා ගත හැකිය.

බාහිර හමුවීම් සඳහා පැවති පුද්ගලයන් 20 සීමාව 30 දක්වා ඉහළ දැමෙනු ඇති.

විවාහ සහ අවමගුල් සඳහා දැනට පවතින 50 සීමාව 100 ක උපරිමයක් දක්වා වැඩි කර තිබෙනවා.

පිහිණුම් තටාක පුහුණු කටයුතු සඳහා විවෘත කෙරේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »