සති 02 ක් වසා තැබීම හමුවේ බාධා එල්ලවී ඇති වික්ටෝරියා ඉදි කිරීම් ව්‍යාපාර සඳහා $ මිලියන 200 ක මූල්‍ය සහන

වික්ටෝරියා ඉදි කිරීම් ක්ෂේත්‍රය සති 02 ක් වසා තැබීම හමුවේ බාධා එල්ලවී ඇති ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහන සැපයීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

ප්‍රාන්ත මුදල් අමාත්‍ය Tim Pallas අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මේ යටතේ මෙල්බර්න් නගරයේ ව්‍යාපාරික ස්ථාන 70,000 කට පමණ ප්‍රතිලාභ අත්වෙයි.

ඒ අනුව මාසික වැටුප් ගෙවන ප්‍රමාණය අනුව ඩොලර් 2000 – ඩොලර් 2800 – ඩොලර් 5600 සහ ඩොලර් 8400 ලෙස එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් මෙහිදී ලබාදෙනු ඇත.

කොවිඩ් අවධානම සහ විරෝධතා හමුවේ වසා තබන ලද වික්ටෝරියා හි ඉදිකිරීම් වැඩබිම් සියල්ල ලබන අගහරුවාදා යළි විවෘත කෙරේ.

එහෙත් සේවයට පැමිණෙන සේවකයන් අවම වශයෙන් පළමු මාත්‍රාව හෝ ලබාගෙන තිබිය යුතු වනවා.

source : https://7news.com.au/business/finance/victorian-treasurer-tim-pallas-unleashes-on-scott-morrisons-government-over-lack-of-financial-support-for-lockdown-hit-construction-industry-c-4125793

 

PIC – Credit: Andy Brownbill/AP

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »