ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට සිට Daylight saving ආරම්භ කෙරේ

ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට සිට Daylight saving ආරම්භ කෙරේ.

ඒ අනුව හෙට එනම් ඉරිදා අලුයම 02 සිට සම්මත වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි.

බටහිර ඔස්ටේ්‍රලියාව – Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම මේ අනුව හෙට අලුයම 02 සිට වේලාව පැයක් ඉදිරියට ගැනේ.

ජංගම දුරකථන – පරිඝණක ආදී ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වනු ඇතත් බිත්ති ඔරලෝසු හෝ අතෙහි පළඳින සාමාන්‍ය ඔරලෝසුවල වේලාව සකස් කල යුතුයි.

Daylight saving ක්‍රියාත්මක ප්‍රදේශ

New South Wales, Victoria, South Australia, Tasmania, Australian Capital Territory – Norfolk Island

ක්‍රියාත්මක නොවන ප්‍රදේශ

Queensland, the Northern Territory, Western Australia, Christmas Island or the Cocos (Keeling) Islands

ලබන වසරේ අප්‍රේල් මාසයේ පළමු ඉරිදා දක්වා මෙය ක්‍රියාත්මකයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »