වික්ටෝරියා කොවිඩ් ආසාධිතයන් ඉහළයාමට ප්‍රධාන හේතුව AFL final අනවසර සාද බවට චෝදනා

වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොවිඩ් ආසාධිතයන් ගණන සීඝ්‍රයෙන් ඉහළයාමට ප්‍රධාන හේතුව පසුගිය සති අන්තයේ පැවති AFL අවසාන මහා තරගයට සමගාමීව පැවති අනවසර සාද බවට චෝදනා එල්ල වනවා.

ප්‍රාන්ත කොවිඩ් අණදෙන නිළධාරි Jeroen Weimar පැවසුවේ සමීප නිවාසවල සිටින පුද්ගලයන් අතර කොවිඩ් සම්ප්‍රේෂණය ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් අනවසර සාද සඳහා සහභාගී වු කිසිවෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙස වික්ටෝරියා සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 1,438 ක් හමුව ඇත.

මරණ 5ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,018 කි.

මේ අතර ප්‍රාන්තය තුළ ෆයිසර් එන්නත් මාත්‍රා ලබාදීමේ පරතරය සති 06 සිට සති 03 දක්වා අඩු කිරීමටද තීරණය වී ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අද පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

ලබන සති අන්තයේදී ප්‍රාන්තයට තවත් මොඩර්නා මාත්‍රා 88,000 ක් හිමිවනු ඇතැයිද ඔහු කියාසිටියා.

ප්‍රාන්තය මෙන් ආසාධිතයන් 40,000 වැනි තත්වයකට වික්ටෝරියා ප්‍රාන්තය පත් කිරීම වළක්වාලීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද අගමැතිවරයා ප්‍රකාශ කලේය.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-update-latest-covid-19-case-numbers-september-30-victorians-in-nsw-allowed-home-across-border/64294af3-4dcb-4051-8f28-070864bdda72

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »