ඔස්ටේ්‍රලියාව තුළ කාර්මික රැකියා අතුරින් 1/10 ක් අහිමිවීමේ අවධානමක්

රොබෝ ඇතුලු යන්ත්‍ර සූත්‍ර භාවිතය ඉහළයාමත් සමග ඔස්ටේ්‍රලියාව තුළ කාර්මික අංශයේ රැකියා අතුරින් 1/10 ක් අහිමිවීමේ අවධානමක් පැණ නැගී තිබේ.

කොවිඩ් තත්වය හමුවේ ආර්ථිකය නැවත පණ ගැන්වීමේ උත්සාහයන් ක්‍රියාත්මක වෙමින් පැවතියදී මෙම තත්වය උද්ගතවීමද විශේෂත්වයක්.

කෘෂිකර්ම – යන්ත්‍ර සූත්‍ර සම්බන්ධ රැකියා මෙන්ම ආහාර සැකසුම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා වැඩිම අවධානමක ඇති බවයි Organisation for Economic Co-operation and Development (OECD) විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වන්නේ.

මෙම වාර්තාවට අනුව NSW හි Hunter කලාපයේ රැකියා අතුරින් සියයට 40 ක් / ක්වීන්ස්ලන්ඩ් හි Mackay කලාපයේ රැකියාවලින් සියයට 41 ක් අවධානම් තත්වයේයි පසුවන්නේ.

කැන්බරා මෙන්ම සිඩ්නි නාගරික කලාපය අඩුම අවධානමක් ඇති ප්‍රදේශ ලෙස නම් කෙරුණා.

මෙම වාර්තාවට අනුව අඩුම අවධානමක් ඇති රැකියා වන්නේ සෞඛ්‍ය සහ සමාජ සේවකයනුයි.

දැනට ඔස්ටේ්‍රලියානු ශ්‍රම බලකායෙන් සෑම 07 දෙනෙකුගෙන් 01 අයෙකු මෙම ක්ෂේත්‍ර නියෝජනය කරන අතර ගතවූ මාස 12 තුළදී අලුතින් එක්වූ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් තිබේ.

source : https://www.9news.com.au/national/automation-puts-thousands-of-australian-jobs-at-risk-oecd-report/f956cb35-5f9b-4d68-bff2-e71d6d8676c8

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »