04 වන දිනයටත් විරෝධතා පැවැත්වීමට සූදානම් බවට වාර්තා – ඊයේ ඇතැමුන් කෙළ ගසා ඇතැයි චෝදනා

04 වන දිනයටත් මෙල්බර්න් ඉදිකිරීම් සේවකයන් අදත් නගරයේ විරෝධතා පැවැත්වීමට සූදානම් වන බවට වාර්තා පළවේ.

එහෙත් කුමන ස්ථානයකදී ඔවුන් විරෝධතා පවත්වන්නේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ.

එබැවින් නගරයේ ආරක්ෂාව තර කිරීමට වික්ටෝරියා පොලිසිය ස්ථාන කිහිපයක පොලිස් නිළධාරීන් අනුයුක්ත කර තිබේ.

මේ අතර ඊයේ දිනයේදී උද්ඝෝෂකයන් විසින් එන්නත්කරණ මධ්‍යස්ථාන කිහිපයක කටයුතුවලට බාධා කර ඇති බවට වාර්තා වේ.

ඇතැමුන් සෞඛ්‍ය සේවකයන්ට කෙළ ප්‍රහාර පවා එල්ල කර ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ.

එම මධ්‍යස්ථාන අද දිනයේදී තාවකාලිකව වසා තැබෙන බවත් මෙම ක්‍රියාව නින්දිත එකක් බවටත් අගමැතිවරයා චෝදනා කලේය.

 

Source : https://www.9news.com.au/national/melbourne-protests-live-updates-latest-news-fourth-day-victoria-construction-industry-coronavirus-vaccine-mandate/75735eca-be3e-4e67-a866-d79524a7573a

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »