StarTrack රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් පැය 24 ක වර්ජනයක

StarTrack බෙදාහැරීම් රියදුරන් දහස් සංඛ්‍යාත පිරිසක් පැය 24 ක වර්ජනයක් ආරම්භ කර තිබේ.

සිය සේවා සුරක්ෂිතතාව තහවුරු කරන ලෙස ඉල්ලා 2000 ක් පමණ ඊට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම වර්ජනය හමුවේ එන්නත් බෙදා හැරීම් කටයුතුවලටද බාධා මතුවී තිබෙනවා.

ඊයේ රාත්‍රී පැවති කරුණු විමසීමකින් පසුව Fair Work Commission විසින් මෙම වර්ජනයට අවසර දුන්නේය.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිළදී ගත් ජනතාවට දිගු ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවටද අනතුරු ඇගවේ.

StarTrack යනු Australia Post ට අනුබද්ධ සේවාවකි.

Australia Post විසින් ඩොලර් බිලියන 8.27 ක ආදායමක් වාර්තා කර ඇතත් සිය රැකියා අනාරක්ෂිත බවයි සේවකයන් පවසන්නේ.

PIC – 09NEWS

Source : https://www.9news.com.au/national/startrack-industrial-action-threatens-coronavirus-vaccine-deliveries/636c391e-b441-4832-996e-f4d6cd9474f5?ocid=Social-9News

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »