වික්ටෝරියාවේ දිනක කොරෝනා රෝගීන් ගණන 700 සීමාව ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 766 ක් හමුව ඇත. මරණ 4ක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,666 කි.

ඊයේ දිනයේදී (22) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 62,408 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 40,957 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1440816355343618048?s=20