ඉදිකිරීම් සේවකයන් CBD හි විරෝධතා කරද්දී ඉදිකිරීම් සේවකයෙකුගේ මළ සිරුර මෙල්බර්න් වැඩබිමකින් හමුවෙයි

වික්ටෝරියා හි ඉදිකිරීම් වැඩබිම් සති 02 කට වසා දමා පැය කිහිපයක් ගතවීමට පෙර බටහිර මෙල්බර්න් හි වැඩබිමක තිබී සේවකයෙකුගේ මළ සිරුර හමුවී තිබේ.

Spencer Street හි වැඩබිමක තිබී අද පෙරවරු 07 ට පමණ මෙම සිරුර හමුවී ඇත.

මරණයට හේතුව මේ දක්වා අනාවරණ වී නොමැති අතර එම පුද්ගලයා වැඩබිමේදීම මියගොස් සිටි බවත් වෙනත් ස්ථානයක සිට ගෙනවිත් දමන ලද සිරුරක් නොවන බවත් මූලික විමර්ශනවලදි හෙළිවී ඇත.

අදාළ ස්ථානයේ සෞඛ්‍යාරක්ෂණ උපදේශ නිසි පරිදි ක්‍රියාත්මක වි ඇතිදැයි සොයා බලන බවද පොලිසිය කියයි.

අඛණ්ඩව දෙවන දිනයටත් ඉදි කිරීම් සේවකයන් මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක විරෝධතා පවත්වමින් සිටී.

කැරළි මර්දන පොලිස් නිලධාරීන්ද කැඳවා තිබේ.

ඉදි කිරීම් සේවකයන්ගේ ඉල්ලීම වන්නේ ලබන 23 වනදා සිට කොවිඩ් මර්දන එන්න්ත අනිවාර්ය කර ඇති නියමය ඉවත් කරන ලෙසයි.

මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සති 02 ක කාලයක් සඳහා සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Source : https://7news.com.au/news/vic/mans-body-found-at-melbourne-worksite-hours-after-construction-shutdown-announcement–c-4024676

Pic Credit: 7NEWS

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »