මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රදේශවල සියලුම ඉදිකිරීම් කටයුතු සති 02 ක් අත්හිටුවයි

CFMEU මූලස්ථානය ඉදිරිපිට අද දහවල් පැවති නොසන්සුන් තත්වයත් සමග මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සති 02 ක කාලයක් සඳහා සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් අද එම තීරණය ගෙන ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

Metropolitan Melbourne, Geelong, Surf Coast, Ballarat & the Mitchell Shire ප්‍රදේශවල ඉදිරි සති 02 සඳහා ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ කිසිදු කටයුත්තක් මේ අනුව සිදු නොවනු ඇත.

ඉදි කිරීම් සේවකයන්ට ලබන 23 වනදායින් පසු කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ තීරණයට එරෙහිව ඉදි කිරීම් සේවකයන් අද දහවල් CFMEU මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සිදුකල අතර ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇතැයි සඳහන්.

සම්බන්ධිත පුවත් 

කළහකාරීව හැසිරුණු ඉදිකිරීම් සේවකයන්ට රබර් උණ්ඩ සහ ගම්මිරිස් දියර ප්‍රහාරයක්

මෙල්බර්න් ඉදිකිරීම් සේවක පිරිසක් CFMEU මූලස්ථානයට කඩා වදී

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/snap-two-week-shutdown-of-construction-industry-confirmed-after-violent-melbourne-protest-c-4019014

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »