හෙට සිට Greater Sydney කලාපයම එකම කොවිඩ් රෙගුලාසි මාලාවක් යටතට

Greater Sydney කලාපය තුළ මෙතෙක් ක්‍රියාත්මක වූ කොවිඩ් මර්දන රෙගුලාසි එකම ආකාරයකින් ක්‍රියාත්මක වීම හෙට සිට ආරම්භ කෙරේ.

ඒ අනුව දැනට අධි අවධානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති LGA 12 ක් සහ සිඩ්නි හි අනෙකුත් Lockdown කර ඇති ප්‍රදේශවල එක හා සමාන නීති මාලාවක් හෙට එනම් සඳුදා සිට බලාත්මක වනු ඇත.

එහිදී නිවසින් පිටත ශරීර සුවතා සඳහා සීමාවක් බල නොපැවැත්වෙන අතර කිලෝමීටර් 05 ක වපසරිය තුළ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පිටත්ව යාමට අවසර ලැබෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියාසිටියේ.

කුඩා විවාහ මංගල උත්සවයකට සහභාගීවීමටද සිඩ්නි නගරවාසීන්ට මේ අනුව අවසර ලැබේ.

සැප්තැම්බර් 27 වනදා සිට ප්‍රාන්තයේ සියලුම ජල තටාක විවෘත කිරීමටද නියමිතය.

 

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/new-freedoms-for-sydneys-covid-19-hotspots-despite-13-deaths-more-than-1000-new-cases–c-4004732?fbclid=IwAR2Xc9xlE7QFVdJZvSRfuyG7dzuAqo9haT0jokMju45eNDI7ZoruiEiyUPY

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »