03 වන එන්නත ගැනීමට එන්නැයි දන්වා එන ව්‍යාජ කෙටි පණිවිඩයක් ගැන අනතුරු ඇගවීමක්

03 වන කොවිඩ් එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඔස්ටේ්‍රලියානුවන්ට පැමිණෙන ව්‍යාජ කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදු කෙරේ.

රජයෙන් සිදු කෙරෙන දැනුම්දීමක් ලෙස අගවමිනුයි මෙම කෙටි පණිවිඩය ලැබී ඇත්තේ.

දැනට 03 වන මාත්‍රාවක් ලබාදීමට කිසිදු සැළසුමක් නොමැති බවත් එවැනි තීරණයක් හෝ ගෙන නොමැති බවත් රජය අවධාරණය කරනවා.

එබැවින් අදාළ පණවිඩයේ ඇති ලින්ක් එක click කිරීමෙන් වළකින ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙය බැංකු ගිණුම් විස්තර ඇතුලු තොරතුරු ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක් බවද විමර්ශන අංශ දන්වා සිටිනවා.

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »