ACT හි Lockdown තත්වය ඔක්තෝබර් 15 තෙක් දීර්ඝ කෙරේ

කැන්බරා අග නගරයද ඇතුළත් Australian Capital Territory සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් සති 04 කින් දීර්ඝ කර තිබේ.

ඒ අද දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු තහවුරු වීමත් සමගයි.

මින් 13 දෙනෙකු වෛරසය තිබිදී සමාජය තුළ සැරිසරා ඇතැයිද සඳහන්.

ප්‍රධාන අමාත්‍ය Andrew Barr පැවසුවේ 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව නත්තල් සමයද ආරක්ෂාකාරීව සැමරීමට සිදුවනු ඇති බවටයි ඔහු අනාවැකි පළකලේ.

එන්නත්කරණ ඉලක්කය ජයගැනීම ප්‍රධාන සැලසුම බවද ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියා.

ACT ප්‍රාන්තය තුළ පළමුවෙන් Lockdown තත්වයක් පැණවුයේ අගෝස්තු 12 වනදායි.

එය දින 07 ක් සඳහා ක්‍රියාත්මක වුවද අනතුරුව දිගින් දිගටම දීර්ඝ කරනු ලැබුවා.

මේ අනුව ACT හි Lockdown තත්වය අවසන් වනු ඇත්තේ ඔක්තෝබර් 15 වනදායි.

 

Pic – Rohan Thomson/Getty Images

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »