තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට PR ගෙන දින 120 කින් Citizenship දෙන්න සංශෝධනයක්

තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබාදීම වේගවත් කිරීමට සංක්‍රමණ අමාත්‍ය Alex Hawke නව සංශෝධනයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව පහත ක්ෂේත්‍රවල ඉහළම දස්කම් දක්වා දැනට ඔස්ටේ්‍රලියානු ස්ථිර පදිංචිය (PR) හිමි පුද්ගලයන් වෙත PR ලැබී දින 120 ක් ඇතුළත පුරවැසිභාවයද ලබාගැනීමට පහසුකම් හිමිවනු ඇත.

sportspeople, ships’ crew, senior business people, research scientists, distinguished artists

දැනට පවතින සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ වලංගු වීසා බලපත්‍රයක් යටතේ ගතවූ වසර 04 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ වාසය කල පුද්ගලයන්ට මෙරට පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමයි.

එමෙන්ම එම කාලය තුළදී රටින් බැහැරව සිටි දින ගණනේ එකතුව මාස 12 කට අඩු විය යුතුය.

තවද පුරවැසිභාවය අයදුම් කිරීම සඳහා මාස 12 කට පෙර අවම වශයෙන් දින 90 ක් ඔවුන් ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටීම අනිවාර්ය විය.

කෙසේවෙතත් හඳුන්වාදීමට යෝජිත නව සංශෝධනය යටතේ ඉහත ක්ෂේත්‍රවල පුද්ගලයන්ට අවම වශයෙන් පසුගිය දින 480 තුළ ඔස්ටේ්‍රලියාව තුළ සිටීමත් ස්ථිර පදිංචිය ගෙන දින 120 ක් පමණක් ගතව තිබීමත් ප්‍රමාණවත් වනු ඇත.

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »

රූපවාහිනී නාලිකා ප්‍රධානියෙක් ලෙස කාන්තාවන් පසුපස ගිය ලාංකිකයාට ඔස්ට්‍රේලියාවේදී සිර දඬුවම්

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විධායකයක නිලධාරියෙකු ලෙසට පෙනී සිටිමින් කාන්තාවන්ට අසභ්‍ය දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රී ලාංකිකයෙකු නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »