Greater Sydney සීමා කිහිපයක් ලිහිල් කෙරේ / ඊයේ NSW ආසාධිතයන් 1260 ක් – මරණ 07 ක්

Greater Sydney කලාපය සඳහා පණවා තිබූ Lockdown සීමා කිහිපයක් අද සිට ලිහිල් කර තිබේ.

ඒ අනුව ඉහළ අවධානම් ප්‍රදේශවල (Hot spots) සිටින ජනතාවටද එළිමහන් උත්සව සංවිධාන කිරීමට අවසර දී ඇත.

Picnic වැනි දෑ සඳහා එලෙස අවසර ලැබෙන අතර දිනකට පැය 02 ක උපරිමයක සීමාවක් ක්‍රියාක්මකය.

කෙසේවෙතත් කිලෝමීටර් 05 ක උපරිම සීමාව තවදුරටත් බලපැවැත්වේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (12) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1260 ක් වාර්තා වි තිබේ.

දැනට 1189 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 222 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 07 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 240 කි.

https://twitter.com/NSWHealth/status/1437219791467548679?s=20

 

 

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »