යුරෝපයෙන් ඔස්ටේ‍රලියාවට මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක්

යුරෝපයෙන් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් ලබාගැනීමේ ගිවිසුමකට ඔස්ටේ‍රලියාව එළැඹී තිබේ.

අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ ලබන 20 වනදා සිට ප්‍රජා ඔසු සැල් (Community pharmacies) 3600 ක් හරහා ඒවා ජනතාවට ලබාදීමට නියමිත බවයි.

වයස අවුරුදු 12 ත් 59 ත් අතර ඕනෑම අයෙකුට මොඩර්නා එන්නත ලබා ගැනීමට හැකි බවද අගමැතිවරයා සඳහන් කලේය.

කෙසේවෙතත් අවුරුදු 60 ට වැඩි අයට දැනට ඔස්ටේ්‍රලියාව තුළ අනුමත එකම එන්නත වන්නේ ඇස්ට්‍රා-සෙනෙකා පමණි.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 67 කි.

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »