වික්ටෝරියා හි buggy අනතුරකින් 06 හැවිරිදි දැරියක මරුට – තවත් ළමුන් 06 කට තුවාල

Regional වික්ටෝරියා හි සිදුවූ buggy රථ අනතුරකින් 06 හැවිරිදි දැරියක මියගොස් තවත් ළමුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

Rosedale හි ඉඩමකදී මෙම අනතුර සිදුව ඇතැයි සඳහන්.

තුවාල ලැබූවන් අතර සිටින 04 හැවිරිදි දැරියකගේ තත්වය අසාධ්‍ය බව රෝහල් වාර්තා කියයි.

buggy රථයේ රියදුරාද තුවාල ලබා ඇති නමුත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොමැත.

අද දිනයේදී වික්ටෝරියා අපරාධ විමර්ශන අංශ නිළධාරීන් පැමිණ මෙය හදිසි අනතුරක්ද නොඑසේනම් සිතා මතා සිදුකල අනතුරක්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට නියමිතයි.

File Photo

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »