ඔස්ටේ්‍රලියාවේ පළමු වරට මෙල්බර්න් Aged Care මධ්‍යස්ථානයක් බාහිර පුද්ගලයන්ට රැපිඩ් පරීක්ෂණ අනිවාර්ය කරයි

බාහිරින් පැමිණෙන සෑම පුද්ගලයෙකුම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමුවීම අනිවාර්ය කරමින් මෙල්බර්න් හි Aged Care මධ්‍යස්ථානයක් නව නීතියක් පණවා තිබේ.

මේ අනුව මෙල්බර්න් හා Geelong හි පිහිටා ඇති සියලුම TLC Aged Care homes වෙත පැමිණෙන පුද්ගලයන් පිවිසීමට පෙර රැපිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතුයි.

ඔස්ටේ්‍රලියාව තුළදී මෙවැනි නීතියක් පැණවූ පළමු Aged Care මධ්‍යස්ථානය මෙයයි.

තමන්ගේ සිඩ්නි මධ්‍යස්ථානය ආශ්‍රිතව විශාල පිරිසක් කොවිඩ් ආසාධිතයන් බවට පත්වීමත් සමග මෙම තීරණය ගත් බවයි එහි පාලනාධිකාරිය කියාසිටයේ.

සෑම පරීක්ෂණයක් සඳහාම ඩොලර් 7 ක මුදලක් අය කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »