විවිධ රටවල සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට රටට පැමිණීමට අවසර

විවිධ රටවල සිරවී සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට මෙම වසර අවසානය වනවිට රටට පැමිණීමට අවසර දීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබේ.

ඔවුන්ට නිවාස වෙත පැමිණීමෙන් පසු නිවාස නිරෝධායනයට යොමුවිය හැකිය.

දැනට මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ දකුණු ඔස්ටේ්‍රලියාවේ පමණි.

Vaccine passport ක්‍රමවේදය තවත් සති කිහිපයකින් ආරම්භ කරන බව ෆෙඩරල් රජය නිල වශයෙන් නිවේදනය කලේය.

ඒ අනුව ඩිජිටල් ක්‍රමයට හෝ ලිඛිත ක්‍රමයට අදාළ සහතික නිකුත් කිරීම ලබන මාසයේ සිට ආරම්භ කෙරේ.

මෙම ක්‍රමය අනිවාර්ය කිරීමත් සමග ගුවන් ගමනක් සඳහා ගුවන් තොටුපළට පැමිණිමෙන් පසු මුලින්ම සිදුකරනු ලබන්නේ පරීක්ෂා කිරීමයි.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින්නන්ට දින 14 ක නිරෝධායන කාලයක්ද අවශ්‍ය නොවනු ඇත.

ඔස්ටේ්‍රලියා ජාතික කැබිනෙට්ටුව පසුගියදා සම්මත කල යෝජනාවට අනුව අධියර 04 කින් සමන්විත සැළැස්මේ 03 වන අධියර වන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමයි.

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »