කඩුල්ලක් යන සෑම විටම චමින්ද වාස් පිටියට ගියේ මන්තරයක් ජප කරන්නද ?

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පසුගිය තරගයෙදී  චමින්ද වාස් විසින් කඩුල්ලක් දවී යන සෑම අවස්ථාවකම පිටියට පිවිසෙන ආකාරය කාගේත් නෙත ගැටෙන කරුණක් බවට පත් වුනා.

ඒ සම්බන්ධයෙන් චමින්ද වාස් විසින් පැහැදිලිකිරීමක් කරමින් මෙලෙස කියා සිටියා.

“මම දක්කා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා එක එක ඒවා. ඇත්තටම වේග පන්දු යවන්නෙක් ලෙස මම ඉස්සරහ ඉදන් මැච් එක බලන්නේ. රීප්ලේ එකක්, රිවිව් එකක් බලන්න වෙන්නේ නෑ. විකට් එකක් ගිය හැම අවස්ථාවකදීම මම ඇතුළට ගිහින් බලනවා රීප්ලේ එක.

ඒ පන්දුව කොයි විදිහටද යොමු කළේ. අපි කරපු ප්ලෑන් එකේද ඒ කඩුල්ල දවා ගත්තේ. හොඳ තැන්වල පන්දු යැව්වද කියලා මම ඒක සටහන් කර ගන්නවා ඊළඟ තරගයට යද්දී කථා කරලා කියනවා අපි කථා කරපු දේවල් හරියට කරලා තියෙනවා. ඒ ප්ලෑන් එකටම ඉන්න කියනවා.

මතුරනවා නෙමෙයි. මම දැක්කා කිරිබත් හදන්න යනවා කියලා තියෙනවා. එක එක දේවල් තිබුණා. පුහුණුකරුවෙන් ලෙස ඒ දේවල් ඔක්කොම සටහන් කර ගන්න ඕන. තරගයක් ජය ගන්න පුළුවන් පරදින්න පුළුවන්. අපි පුළුවන් තරම් හොඳ දේවල් අරගෙන ඊළඟ තරගයට යොමු කරන්න තමයි හදන්නේ”

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »