කබ්රාල් යළිත් මහ බැංකු අධිපති ධූරයට ?

මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් , ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට නැවත වරක් පත්වනු ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රධාන පුවත්පත් කිහිපයක්ම මේ බව අනාවරණය කර තිබුුුණි.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා මෙම කරුණ තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් මේ දක්වා සිදුකර නොමැත.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ එය නිල වශයෙන් ස්ථිර වී නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පැවසීමට ඇත්තේ එපමණක් පමණක් බවත්ය.

මේ අතර වත්මන් මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ තනතුරක් සඳහා පත්කිරීමට නියමිත බව ද වාර්තා වේ.

2006 වසරේ ජූලි මාසයේ සිට 2015 ජනවාරි 09 දින දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර කටයුතු කරනු ලැබීය.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »