Breaking: ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වෛරසය වැළඳී සුවය ලබා නැවතත් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 68 වන වියෙහි පසුවුණා.

මීට සති කිහිපයකට ඉහතදී කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා නිවසට පැමිණ තිබුණේ දින කිහිපයකට පෙරයි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී නැවතත් නිව්මෝනියා තත්වය උත්සන්නවීමත් සමග කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

ගායකයෙකු ලෙස පමණක් නොව කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක දක්ෂ සහ ජනප්‍රිය චරිතයක් ලෙසයි සුනිල් පෙරේරා මහතා සැළකුණේ.

එමෙන්ම සමාජය තුළ සිදුවන ඇතැම් අසාධාරණකම් පිළිබඳ සිය නිර්මාණ හරහා ප්‍රබල මහජන මතයක් ගොඩ නැගීමටද සුනිල් පෙරේරා මහතා සමත්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පසුකාලීනව බිහිවූ බොහෝ සංගීත කණ්ඩායම් සඳහා පරමාදර්ශී නායකත්වය සැපයීමටද සුනිල් පෙරේරා මහතාගේ නායකත්වය යටතේ ජිප්සීස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔස්ට්‍රේලියාව තුළ ගැටලු හමුවේ සමාජ මාධ්‍ය අභියෝගයක් වෙයි

ඔස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය යනු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සිට ත්‍රස්තවාදය මෙන්ම යුද්ධය දක්වා සියලුම ගැටලු එකිනෙක සම්බන්ධ කරන වඩාත් අභියෝගාත්මක කරුණක් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »