මෙල්බර්න්වාසීන්ට සිඩ්නි යන්න කලින් පිටරට යන්න පුලුවන් වෙන හැඩ

ප්‍රාන්ත සීමා විවෘත කිරීමට පෙර ඇතැම් විට රටේ දේශ සීමා විවෘත කිරීමට හැකි වනු ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසයි.

එනම් මෙල්බර්න් හෝ සිඩ්නි පදිංචි අයෙකුට අනෙක් නගරයට යාමට අවසර ලැබීමට පෙර වෙනත් රටක සංචාරයකට ගොස් නැවත පැමිණිය හැකිය යන්නයි.

අගමැතිවරයා පවසන්නේ කිසියම් ප්‍රාන්තයක් සියයට 70 – 80 එන්නත් ඉලක්කයට ළගාවන තුරු ප්‍රාන්ත සීමා විවෘත නොකරන බවයි.

එහෙත් කිසියම් ප්‍රාන්තයක සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නියමිත කොන්දේසි සපුරා ඇත්නම් දේශ සීමා විවෘත කල පසු විදෙස් සංචාරවල නිරතවීමට කිසිදු බාධාවක් නොමැති බවයි අගමැති මොරිසන් කියාසිටියේ.

2022 වසරේ ආරම්භය තෙක් රයේ දේශ සීමා විවෘත නොකරන බවයි අගමැති ස්කොට් මොරිසන් මීට පෙර නිවේදනය කර තිබුණේ.

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »