අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ද කොරෝනා

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කලා.

සිය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට මේ වන විට කොවිඩ් රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව අනුව තමන්ටද රෝගය වැළඳී ඇති බව තහවුරු වූ බවයි එහි දැක්වෙන්නේ.

එබැවින් පසුගිය සතියක කාලය තුළ තමන් සමග රාජකාරී ඉටුකළ රජයේ නිලධාරීන්, හිතවතුන් ඇතුළු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට ලක් වන මෙන් ඔහු ඉල්ලා සිටිනවා.

එම සටහන පහතින් ..

”මාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට මේ වන විට Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ අද දින සිදු කළ rapid antigen පරීක්ෂණ වාර්තාව අනුව මා හට ද Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය. එබැවින් පසුගිය සතියක කාලය තුළ (2021-08-20) දින සිට මේ දක්වා මා සමඟ රාජකාරී ඉටුකළ රජයේ නිලධාරීන්, හිතවතුන් ඇතුළු සියළු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රට මුහුණ දෙන ව්‍යසනකාරී තත්වය හමුවේ ඔබේත් සමස්ත මහජනතාවගේත් ආරක්ෂාව පිණිස මෙසේ නිරෝධායනයට ලක් වීම අප සැමගේ වගකීම බව ද සිහිපත් කරමි.” 

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »