Coles වෙතින් ගත් චීස් පැකට්ටුවක පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි

Coles වෙතින් මිළදී ගත් Grated චීස් පැකට්ටුවක තිබී පොලිතීන් හා ප්ලාස්ටික් කැබලි කිහිපයක් හමුවීමේ පුවතක් වාර්තා වේ.

පියෙකු විසින් සිය දරුවන්ට දීමට ගෙනා චීස් පැකට්ටුවකයි මෙම ද්‍රව්‍ය තිබී ඇත්තේ.

ඔහු විසින් මේ බව දක්වමින් ටික් ටොක් සමාජ ජාලය තුළ වීඩියෝවක්ද පළකර තිබිණ.

ඊට ප්‍රතිචාර දක්වමින් තවත් ටික් ටොක් පරිශීලකයන් කිහිප දෙනෙකුම සඳහන් කර තිබුණේ ඔවුන් මිළයට ගත් චීස් තුළද මෙවැනිම ආකාරයෙන් පොලිතීන් කැබලි තිබූ බවයි.

Coles ආයතනයද මීට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ අදාළ සිද්ධිය පිළිබඳ දැඩි අවධානය යොමුකර සොයා බලන බවයි.

කිසියම් පාරිභෝගිකයෙකුට මිළදී ගත් නිෂ්පාදනය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ළගම ඇති අලෙවි සැලට එය භාරදී මුදල් හෝ අලුත් නිෂ්පාදනයක් ලබාගත හැකි බවද Coles සඳහන් කලා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »