පෙරේදා දිනයේදී මෙල්බර්න් නැගෙනහිර ප්‍රදේශයේ නිවසකින් දරුවන් දෙදෙනෙකු පැහැරගත් තැනැත්තා ඩොලර් ලක්ෂ 10 ක කප්පමක් ඉල්ලා ඇතැයි අද අධිකරණයේදී හෙළිවිය.
Jiangang Ji නම් 36 හැවිරිදි සැකකරු මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කල අවස්ථාවේදී චෝදනා 06 ක් ගොණු කර තිබේ.
ඉදිකිරීමේ සේවකයෙකු වන මොහු විසින් පැහැරගෙන ගොස් ඇත්තේ ඔහුගේ සේවා ස්ථානයේ හිමිකරුගේ දරුවන් දෙදෙනා වන අතර තර්ජනය කර කප්පම ලබාගැනීම සැළසුම වී තිබූ බව අනාවරණය වී ඇත.
පෙරේදා Blackburn North හි නිවසකින් උදාසන 08.30 ට පමණ පැහැරගත් දරුවන් දෙදෙනා හමුවූයේ රාත්‍රී 07 ට පමණය.
දරුවන් දෙදෙනාගේ මවට පහරදී ඇයට අයත් කලු පැහැති මර්සිඩීස් බෙන්ස් රථයෙන් මෙම පැහැර ගැනීම සිදුකර තිබිණ.