ෆයිසර් ගන්න දහස් සංඛ්‍යාත පිරිසක් Log වී වික්ටෝරියා එන්නත් වෙබ් අඩවිය අක්‍රීය වෙයි

ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දහස් සංඛ්‍යාත පිරිසක් කටයුතු කිරීම හමුවේ වික්ටෝරියා එන්නත් ලියාපදිංචි වෙබ් අඩවිය අක්‍රීය වී තිබේ.

අද සිට ප්‍රාන්තයේ අවුරුදු 16 – 39 අතර පුද්ගලයන්ට ෆයිසර් එන්නත ගැනීම සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව දී තිබිණ.

පෝලන්ත්යෙන් ලැබුණු ෆයිසර් මාත්‍රා ලක්ෂ 05 අතුරින් වික්ටෝරියා ප්‍රාන්තයට ලද මාත්‍රා ගණන 175,000 කි.

අද පෙරවරුවේ ඔන්ලයින් ලියාපදිංචි කිරීම් ආරම්භවී විනාඩි කිහිපයක් තුළ අති විශාල පිරිසක් ලියාපදිංචිවීමට පැමිණීමත් සමග එය අක්‍රීය වී තිබේ.

හැකි ඉක්මණින් එය යථා තත්වයට පත් කරන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියාසිටී.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »