නත්තල් වනවිට සියලුම ප්‍රාන්ත සීමා විවෘත කරන්න : අගමැති මොරිසන් ප්‍රාන්ත අගමැතිවරුන්ට කියයි

එළඹෙන නත්තල් සමය වනවිට රටේ සියලුම ප්‍රාන්ත සීමා විවෘත කිරීමට හැකි වන පරිදි එන්නත්කරණ ඉලක්ක සපුරා ගන්නා ලෙස අගමැති ස්කොට් මොරිසන් සියලුම ප්‍රාන්ත අගමැතිවරුන්ට දැනුම් දී තිබේ.

ඒ අනුව වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයන්ට එන්නත් මාත්‍රා 02 ම ලබාදීම වේගවත් කිරීමට නියමිතයි.

එන්නත්කරණය කඩිනම් කිරීම සඳහා විවිධ ප්‍රසාද දීමනා වැනි දෑ ලබාදීම සුදුසු බවයි අගමැති මොරිසන් සඳහන් කලේ.

සියලු ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු රටේ දේශ සීමා විවෘත කල හැකි වනු ඇතැයිද ඔහු කියාසිටියා.

අගමැතිවරයා මේ බව පැවසුවේ බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනුයි.

Mark McGowan පවසා තිබුණේ දිනෙන් දින නිවු සවුත් වේල්ස් ආසාධිතයන් ඉහළ යාම හමුවේ එම ප්‍රාන්තය සමග අනෙක් ප්‍රාන්ත සීමා විවෘත කිරීමේ අවධානමක් පවතින බවයි.

එබැවින් අගමැති මොරිසන් ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට අපහසු බවද බටහිර ඔස්ටේ‍රලියා ප්‍රාන්ත අගමැතිවරයා සඳහන් කර තිබිණ.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »