Update: Blackburn North නිවසකින් පැහැරගත් දරුවන් දෙදෙනා හමුවෙයි

Blackburn North හි නිවසකට ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයෙකු විසින් පැහැරගනු ලැබූ කුඩා දරුවන් දෙදෙනා ආරක්ෂිතව සොයාගෙන තිබේ.

Mitcham ප්‍රදේශයේ නිවසක සිටියදී ඔවුන් දෙදෙනා සොයාගත් බවයි වික්ටෝරියා පොලිසිය සඳහන් කලේ.

මෙලෙස හමුවී ඇත්තේ Adilla Wally (අවුරුදු 05) & Bilal Wally (අවුරුදු 03) නම් දරුවන් දෙදෙනායි.

සිද්ධිය සම්බන්ධයෙන් පිරිමි 03 දෙනෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.

ළමුන් දෙදෙනා සොයාගෙන ඇත්තේ ඔවුන් නිවසේ තිබියදී පැහැරගනු ලැබූ Mercedes Benz මෝටර් රථයේ සිටියදීය.

මේ වනවිට ඔවුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණ කිහිපයකටද යොමු කර ඇත.

Springfield පාරේ පිහිටි නිවසට අද පෙරවරු 08 – 08.30 අතර ඇතුලු වූ පුද්ගලයෙකු මෙම පැහැරගැනීම සිදුකර ඇත.

සැකකරු දරුවන් දෙදෙනාගේ මවට (32) පහරදී මෙම පැහැරගැනීම සිදුකර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන පිරිස ඉහළට

ජීවන වියදම් පීඩනය මධ්‍යයේ භාවිත කරන ලද ඇඳුම් සහ විවිධ ගෘහ භාණ්ඩ අලෙවි කෙරෙන වෙළඳ සැල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීමේ විශාල වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

Read More »

සුපිරි වෙළඳසැලකදී දෙමව්පියන් රැවටූ තරුණයාට අමතක නොවන දඬුවමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී කිසියම් කණ්ඩායමක් තම හිස ගසා දැමීමට සූදානම් වන බවට ව්‍යාජ වීඩියෝවක් නිකුත් කළ 27 හැවිරිදි තරුණයෙකුට ඇප ලබාදීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »