“වික්ටෝරියා Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමට වුවද සිදුවිය හැකියි”

පවතින තත්වය සලකා බලා ඇතැම්විට වික්ටෝරියා Lockdown තත්වය තවත් දීර්ඝ කිරීමට වුවද සිදුවිය හැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ දින කිහිපයේදීම කොවිඩ් ආසාධිතයන් වාර්තාවීම ඉහළ යාම මීට හේතුවයි.

දැනට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයටම පණවා ඇති Lockdown තත්වය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සැප්තැම්බර් 02 වනදායි.

කෙසේවෙතත් ප්‍රාන්තයෙන් කුඩා පොකුරු ලෙස ආසාධිතයන් වාර්තාවීම නොසළකා හැරිය නොහැකි බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »