මෙල්බර්න් – සිඩ්නි උද්ඝෝෂණ : 265 දෙනෙකු අත්අඩංගුවට / $ ලක්ෂ 11 කට අධික දඩ

මෙල්බර්න් නගරයේ පැවති Lockdown විරෝධී උද්ඝෝෂණයට සහභාගීවු පිරිසෙන් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගැටුම්වලදී පොලිස් නිළධාරීන් 06 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙහිදී නියම කර ඇති දඩ ප්‍රමාණය ඩොලර් මිලියන 1.1 කට අධික බව සඳහන්.

උද්ඝෝෂණයට පැමිණි පිරිස 4000 ඉක්මවා ඇතැයි වික්ටෝරියා පොලිස් වාර්තා කියයි.

පොලිස් නිළධාරීන්ට පහරදුන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සෑම අයෙකුටම ඩොලර් 5452 ක දඩයක් නියම වේ.

මේ අතර සිඩ්නි නගරයේ පැවති විරෝධතාවයට සහභාගී වූ 47 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් 260 දෙනෙකුට දඩ නියම කර ඇතැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය පැවසීය.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »